Wednesday, March 28, 2018

~~ අපූරුව ! ? ~~














අංකිතව පමණක්
නෙතු ගැටුණු
නුදුටු නුඹ සැබෑ
ලොව තුළ
නොගැලපෙන ග්‍රහ
තාරුකා අතර
වෙන්ව ගිය දින ඇත
මතකයක් ලෙස


පෙර දිනක මිතුරෙකු
හරහා
ගෙනා යෝජනාවක
අනුහසින්
හැඳිනියෙමි නුඹ සයිබර්
අවකාශයෙන්
අංකිත ලෙසින් නමුදු
නොව සැබෑවට


වීමි දොඩමළු මුහුණු
පොත්
පණිවුඩකරු උප
ආදමින්
වදන් ගැලපුමෙන්
අලංකෘත
සිත් ගතිමි නුඹ
සොඳුරියේ


ඇඟිලි ගනිමින් සිට
දකිනා තුරු
නුඹේ රුව හමුවී
දිනක
කීකරුව දෙමාපියන්
හට නිතර
බලා සිටියෙමු අපිත්
තාරුකා දෙස


හරස් වූ කළ ඉරණම අපට
කේන්දර යුගල
සමුගත් අයුරු  අංකිතව
දුරකථන හඬින්
ග්‍රහ තාරුකා රුදුරු විද
මේ ලෙස අපට
වෙන් වූ කල හමුනොවී
එක් වරක් හෝ


දින සති මාස වසරෙන්
ගෙවුනු කාලය
දිනක් මහ මග අසල
උදෑසන කල
සේවයට යන දහස්
ගණනක් අතර
නෙතු ගැටුණු සඳ හුරු
පුරුදු මුහුණත


සිනාවෙන් හැඳිනියෙමි රුව
ඔබේ සොඳුරියේ
අංකිත රුවක මෙන් අදද
රූමත්ය ඔබේ හැඩ
මද හසින් තුටු පඬුරු ලැබූයෙමි
නුඹ වෙතින්
නැගණියේ ඔබ දුටිමි සැබෑවට
අහිමි වූ ප්‍රේමයෙන්


රැගෙන යයි රථ තොමෝ එපිටට
නුඹ මා වෙතින්
දනිමි අහිමි බව නොම හැක
හිමිකෙරුමට නැවත
සිහිනයක්ම වූ ලොව නොවූ
ඔබ මයාවක
අපූරුව හමුවීමක වෙන්වීමක
වියෝවක් හා බැඳි


---රකිත---



No comments:

Post a Comment