Tuesday, March 20, 2018

~~ සරදමින් පසු ! ~~












සරදම්ද උපහාස
අපහාස
ඇනුම් බැනුම් ඇති
නිතර
පාරවයි හදවත
සිතද මා
මුත් නුඹලාට වේ
විනෝදය


තනිකඩව සිටුම කිම
විමසා කරුණු
සෝපහස සිනහවෙන්
කියනා වදන්
සිත් රිදෙන බව නොදකිනා
නොමිනිසුන්
කරයි සරදම් විලස වීරකම්
කරනා මුග්ධ


හිරිමල් තරුණ විය පියාණන්
සිටි යුතු කලක
අහිමි විය ඔහු අකලට රෝගීව
සිට කලක්
ඔවදන් අවවාද දැනුම් පිරි
ලොවක් ගැන
පවසන්න කෙනෙකු නොසිටිය
ඒ කාලයක


නුදුටු ලොවකට පා තබන්නට
වරම් නොලැබි කල
කෙසේ නම් දකින්නට විඳුමට
සැබෑ ලොවක්
කල් ගතව ගිය කලෙක පා තැබූ
සමාජය වෙතට
දුටිමි මිනිසුන් වෙසින් සිටි ඒ
අතර නොමිනිසුන්


නුහුරු හැඟුමන් අතර සිත
ඇදෙන මුලාවට
ආලයක පහස නම් ලැබුණු
එක් වරක් නොවන බව
නොනැමේය සිත මෙමා
තලන්නට මල් කැකුළු
කෙලෙස නම් කෙළෙසම්ද
පීදෙනා ඒ කැකුළු


කුමර බඹසර රැක වූ
වරදද
කරන අපහස මෙලෙස
කිම අද
සුරා සූදුව දුමින් තොර
වන මතින්
මන්ද ගැරහුම් ගෙවන දිවියට
යහපත් ලෙසින්


පෙර භවක කළ කර්මයන්
දෙන විපාක
වැළකිය නොහැක මේ භවක
පල දෙන
කරනා අපහාස උපහාසයන්
ගැරහුම්ද
පැමිණේවි දිනක තොප වෙතම
ආපසු හැරී


මිනිසුන් විවිධය විශමය බව
නොම දැන
මවා අඩු පාඩු සිනහා වන
තොප හැම
කරනෙමි අනුකම්පා දරා
ඉවසිලිවන්තව
දිනක තොප හට වෙනු ඇත
පසු තැවුමට


---රකිත---



No comments:

Post a Comment