Monday, March 2, 2020

~~ පෑවිල්ලට ~~



දවන ගත දාහයෙන් 
දින පුරා අහස් කුස
චණ්ඩ හිරු කිරණ වැද 
ගිනියම් වූ මහ පොළව

ඇස් හිස් සම් 
කරවා වියලි වන
දෙතොල් පුපුරා 
සැර බිබිලි මුව තුළ

වැසි දෙවිඳු දූ කුමරියද 
නොපෙනනා ලොවක
සුසුම් හෙළනා ඇල 
දොළද ගංගා වැව් තලය

රුධිර පීඩන මැදින් 
ඉහළ යන ආතතිය
කෝප ගින්නෙන් 
දැවෙනා සිතක හැඩ

රූරා හැලෙන ගත දහදිය 
බිඳිති පුසුඹේ රඟට
පන්ති භේදය නොමැත 
එක සේම මෙදිනටත්

තුරුලතා අද්දරක ඇති
සිසිල සොයනා සිහිනයට
අවදිවන ඒ සැරට 
කොන්ක්‍රීට් වනයේ සිටින

ලොවක් හදවත් දවන
වසංගත සංගදිය
දවන්නට තැත් කරන
රිවි රැසින් චණ්ඩ වන

තෙතක් නොමැති හද 
දෘඩ ලෙසින් ඇති
නොමැත රසවත් 
සිතුවිලි ගඟුල් 

කර්කෂක රළු 
වදන් මුවගින්
පිනින රඟ 
බලනෙමුද මිතුරේ

සියල් මිහිකත දවාලන 
ලක් මව්ද හඬවන 
චණ්ඩ හිරු රැස
සියොළඟ දවාලන

බලා සිටිනෙමු 
වඩින තුරු 
වැසි වලාහක 
දෙව් පියාණන් 

---රකිත---




No comments:

Post a Comment