සේවය නිමවී
එළි බට කල කන්තෝරු
දොරින්
දුටිමි දසුනක් පරාවර්තන
නවතා තිබූ
දෙමුහුන්
රථ
කවුළුවෙන්
හිස කෙස අවුල්ය
තැන තැන පැසී
ඇත
නරකෙස
නැහැයට දැනෙයි
දහඩිය පුසුඹ
විලවුන් ගන්ධය
පරයා
පොඩිව ඇති පළින් පළ
කමිසය පැය අට
පුරාවට
බඳ පටියෙන් තදව
ඇති කලිසම
රූටයි
බඩෙන් පහලට
නෙරුණු
පසුබිමින් පෙනේ
අඟනුන් දෙවඟනන්
විලස
ඇසෙයි සිනා හඬ
කිංකිණි
ඒ අඟනුන්
යනෙන මාවතේ
මා දෙසවන්
පිරී
දුටින දුටින අය
මුවගින්
සුහද සිනහා පා
නික්මෙයි
නොදන්නවා
නොවේය
උන්
අපහාසයට උපහාසයට
උපන්න කැණහිලුන්
වනට
ටිකි ටිකි යන හඬ
නික්මෙයි
සංඥා සතරම දැල්වේ
අගුල ලිහිල් හඬ
විසිරේ
මිහිරි හඬක් සවනත
වැගිරේ
එක්ස් කියුස්මී අයි
වෝන්ට් ටු ගෝ
සෝ සොරි මිස්
දනි පනි ගා
ඉවතට යමි අඩි
දෙකට තුනට
ඉහළ විධායක යුවතිය
පණ ගැන්වූ
ඒ රථයෙන් නික්මිය
ඊයක වේගෙන්
කවරෙකුද ඔහු?
කොහෙද සිටි ඔහු ?
නිතර යනෙනා
දකින සිටි ඔහු ?
විඳින අපහස උපහාසද
ඔහු ?
නොදකින්නේ මන්ද
සමාජය ඔහු?
---රකිත ---
your poems are very good
ReplyDelete